What's new

Sri Lankan Marines in training joint exercise with US marines

Godman

SENIOR MEMBER
Joined
Aug 5, 2015
Messages
2,707
Reaction score
0
Country
Sri Lanka
Location
Sri Lanka


sinhala.png


ඇමරිකානු සහ ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් සෙබළුන් පුහුණු අභ්‍යාසයන්හි නිරත වෙයි

පසුගිය 22 වන දින පුහුණු සංචාරයක් සඳහා ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ ඇමරිකානු නාවික හමුදාවට අයත් “සමර්සෙට්” යුද නෞකාවේ මැරීන් සෙබළු සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණු වන මැරීන් සෙබළු මේ වන විට ත්‍රිකුණාමලයේදී පුහුණු අභ්‍යාසයන්හි නිරත වෙමින් සිටී. දෙරටේ නාවික හමුදාවන් අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීම, හමුදාමය හැකියාවන් වැඩිදියුණු කර ගැනීම සහ කුඩා යාත්‍රා මෙහෙයුම් හැකියාවන් වර්ධනය කර ගැනීම තුළින් මානුෂීය ආධාර හා ආපදා කළමණාකරන මෙහෙයුම් සඳහා දායක වීම මෙම පුහුණු අභ්‍යාසයන්හි අරමුණු අතර වේ.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව ඇමරිකානු නාවික හමුදා මැරීන් බළකාය ආදර්ශයට ගනිමින් පසුගිය සැප්තැම්බර් මස ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බළකායේ පළමු මැරීන් බලඝණය සඳහා නිලධාරීන් 7 දෙනෙකු සහ නාවිකයන් 150 දෙනෙකු මේ වන විට සිය පුහුණුවීම් ආරම්භ කර ඇත. ‍ මෙම මෙහෙයුම් මගින් ඇමරිකානු නාවික හමුදා මැරීන් සෙබළුන් හට ඔවුන් සතු වෘත්තීමය අත්දැකීම් හා හැකියාවන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණුවන මැරීන් සෙබළුන් හට ලබා දීමට හැකි විය. මෙම අභ්‍යාසයන් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ පිහිටි විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබයි.

මෙම පුහුණුවීම් තුළදී භූ ජල තරණ අභ්‍යාසයන් සිදු කළ අතර, එහිදී ඇමරිකානු නාවික හමුදා මැරීන් බලකායේ භටයන් 150 දෙනෙකු සහ එම අභ්‍යාසයන් සඳහා යොදා ගන්නා වාහන මුහුදේ සිට වෙරළ තීරයට ගොඩ බැසීමේ පුහුණු ක්‍රියාකාරකම් සිදු කෙරිණි. තවද, විශේෂ යාත්‍රා බලඝණය සහ ඇමරිකානු නාවික හමුදා මැරීන් බළකායේ විශේෂ විමර්ෂණ කණ්ඩායම එක්ව හෙලිකොප්ටර් මගින් ගොඩබිමට ප්‍රවිශ්ඨ වීමේ පුහුණු අභ්‍යාසයක් ද සිදු කරන ලදී. මෙම පුහුණු අභ්‍යාසයන්ට සමගාමීව නෞකාව දිවයිනේ රැදී සිටින ඉදිරි කාල සීමාව තුළ තවත් පුහුණු අභ්‍යාසයන් රැසක් සිදු කිරීමට නියමිතව ඇති අතර, ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ පිහිටා ඇති විශේෂ ස්ථාන නැරඹීමට ද නෞකාවේ කාර්යය මණ්ඩලය කටයුතු සූදානම් කර ඇත. එම ක්‍රියාකාරකම් සිදු කිරීමෙන් අනතුරුව නොවැම්බර් මස 26 වන දින “සමර්සෙට්” නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතය.

 
Back
Top Bottom